Tuesday, November 29, 2016

සතිපූඡාව

  අද මම ලියන්න කල්පනා කලේ අපේ අසල්වැසි රටක් වෙන ඉන්දියාවෙ අතීතයේ ඉඳල මෑත කාලය වෙනකම් සිද්ධ වෙච්ච බිහිසුණු අවමංගල චාරිත්‍රයක් ගැන ,  මේ චාරිත්‍රය ඇත්තටම අපේ රටේ කාන්තාවොනම්  හිතන්නවත් අකමැති එකක්, ඒ වගේම මේක බොහොම බිහිසුණු එකක්,
       මේ සතිපූඡා චාරිත්‍රය ගැන කියනව නම්, මේ චාරිත්‍රයෙදි කෙරෙන්නෙ සැමියා මියගිය පසු වැන්දඹු බිරිඳ විසින් තම මියගිය සැමියා ආදාහනය කරන අවස්ථාවෙදි, එම දර සෑයටම පැනල සියදිවි නසාගැනීමයි.. මේක සමහර කාන්තාවන් විසින් කැමැත්තෙනුත් , සමහර කාන්තාවන් විසින් අකමැත්තෙනුත් සිදුකරනු ලබනව. මෙම චාරිත්‍රය කිරීමට අකමැති කාන්තාවන් අබිං වැනි මත්ද්‍රව්‍ය   යොදා ගෙන මත් කොට චාරිත්‍රයට සූදානම් කරනු ලබන්නෙ සැමියාගෙ පවුලේ පිරිස් විසිනුයි.
මෙයට වයස් භේදයක් තිබිල නෑ, එකල අවුරුදු 12 , 13 සිට මහලුවිය වෙනකන්ම  කාන්තාවන්ට සැමියා මියගියහොත්  අනිවාර්යයෙන් මෙම චාරිත්‍රය  සිදුකිරීමට සිදුවුනා.
     ඉතිහාසඥයන්ගේ අදහසට අනුව මෙය ප්‍රාථමික මානවයාගෙන් ආරම්භ වී ආර්යයන්ගෙන් ඉන්දියාවට පැතිර ආ දෙයක් .මෙයට හේතුව ,අතීත ඊඡිප්තු වැසියන් හා සුමේරියානු වැසියන්ද මේ ආකාර චාරිත්‍ර සිදුකිරීමයි. ඔවුන්ද තම  රඡතුමා මියගිය පසු බිසෝවරු , දාසයින් , සුරතලුන්  රඡතුමා සමගම පිරමීඩ වල සිරකර මරාදැමීම හෝ පණපිටින් වළලෑම සිදුකරනු ලැබුවා.කෙසේ වෙතත් සමස්ථ ඉතිහාස ක්‍රමය පුරාම ගලාගිය පුරුෂාධිපත්‍‍්‍‍්‍යේ අතුරු ප්‍රතිඵලයක් ලෙස මෙම චාරිත්‍ර ආරම්භ වූ බව තමයි සලකනු ලබන්නෙ.
      බාහිර ලෝකයට රහසක් ලෙස ඉන්දියාවේ පැවතුන මේ චාරිත්‍රය සමස්ථ ලෝකයට එළිදරව් කරනු ලබන්නේ මහා ඇලෙක්සැන්ඩර් අධිරාජ්‍යා විසිනුයි,  ඔහු විසින් ඉන්දියාව ආක්‍රමණය සඳහා යවනු ලැබූ හමුදාවන් තමයි මෙම චාරිත්‍රය පළමුවරට දැකබලාගත් විදේශිකයන් වෙන්නෙ.
   සතිපූඡාවකදී කාන්තාවක් විසින් කරනු ලැබිය යුතු චාරිත්‍ර රාශියක් තියෙනව, ආදාහනය කිරීමට පළමුව ඇය විසින් දිය නා පිරිසිදුව මංගල ඇඳුමෙන් සැරසිය යුතුය , එ‍ෙස්ම දෙවියන්ගේ නම කියමින් දර සෑය තෙවරක් පැදකුණු කල යුතුය . අවසානයෙදි දර සෑයට නැඟ සැමියාගේ හිස තම උකුල මත තබාගෙන වාඩි විය යුතුය, ඉන් අනතුරුව වටේ සිටින පිරිස් විසින් ගිනි දල්වනවනු ලබනව. ගින්න සෑයට ඇවිලුණු පසු ඇය මියයන තෙක්ම මුව තදින් වසාගෙන සිටිය යුතුයි , එයට හේතුව  වන්නෙ ගින්නෙන් තමන්ට වේදනාවක් නොදැනෙනව යන මිත්‍යා මතය සනාත කරන්නයි. අවට පිරිස් ගින්නට ගිතෙල් වක් කරමින් ගින්න නොනිමී දින දොළහක් පුරාවට නොනිමී තබා ගන්නව.දින දොළහ අවසානයෙදි පිරිසිදු  එළකිරි වක් කරමින් ගින්න නිවා දමන අතර එම ස්ථානයේ විශේෂ ස්මාරකයක් ඉදි කරනු ලබනව.
මෙම පූඡාව අවසන් කරනු ලැබූ සෑම කාන්තාවකටම සති මාතා යන විශේෂ ගෞරව නාමයකුත් ලැබෙනව, ඒ වගේම  ඔවුන් සැමදා දෙවිවරුන් ලෙස පුද පූඡාවටද ලක් කෙරෙනව.
    ඉන්දියාවේ සිටි බොහෝ පාලකයන් මෙම චාරිත්‍රය වැලකීමට උත්සාහ ගත්තත් ඒක බොහෝ දුරට සාර්ථක වෙලා නැහැ. ඉන්දියාවේ අතීතයේ පැවති බුද්ධාගම, ඡෛන ආගම ,  ඉස්ලාම් ආගම  සහ ෂික්ආගම මෙම සතිපූඡා චාරිත්‍රය අනුමත නොකළත් හින්දු ආගම පමණක් මෙයට අනුබල දුන්න. හින්දු ආගමේ එන රාමායනය , මහාභාරතය වැනි දේව සංකල්පයන් රැගත් කතා තුළින්ද මෙම සතිපූඡාව ඉතා උසස් දෙයක් ලෙස දක්වා ඇති අතර එකළ සමාඡයේ  අන්ධ විශ්වාසයන් තහවුරු කිරීමට ඒවා මහත් රුකුලක් වුනා. ඉන්දියාවේ ප්‍රසිද්ධ රඡවරු වු මහා අක්බාර් සහ ඡොහන්ගීර් මෙම චාරිත්‍ර තහනම් කලද මෝගල් පාලනය අවසන් වීමත් සමඟ මෙම චාරිත්‍ර නැවතත් කරලියට ආවා.එයට හේතුව වූයේ පසුව පත් වූ හින්දු රඡවරු එයට රහසේ අනුග්‍රහය ලබා දීමයි..
        මේ සියල්ලටම පසුව ඉන්දියාව ආක්‍රමණය කළ පෘතුගීසි  සහ ලන්දේසි ඡාතිකයින්ද මෙම චාරිත්‍ර නැවැත්වීමට උත්සාහ කලද එවාද අසාර්ථක වුනා,,1835 දී බෙන්ගාල ප්‍රදේශයේ පමණක් වැන්දඹු කාන්තාවන් 650 පමණ සතිපූඡා සඳහා සහභාගී වූ බව වාර්තා වෙනවා. අවසානයෙදි ඉන්දියාව ආක්‍රමණය කරනු ලැබූ ඉංග්‍රීසි ඡාතිකයන් විසින් මෙම පූඡාවන් තරමක් දුරට හෝ නැති කරනු ලැබුවා. 1829 දී ඉංග්‍රීසි රඡය විසින් පනත් කෙටුම්පතක් මගින් සතිපූඡා නීතියෙන් තහනම් කරනු ලැබුවා.

එයට අනුව ""

 බලහත්කාරයෙන් කාන්තාවක් සතිපූඡාවේ යෙදවීම මිනී මැරිමක් ලෙසත්, එයට අනුබල දීම මිනී මැරීමකට අනුබල දීමක් ලෙසත් , ස්ව කැමැ්තෙන් සතිපූඡාවට සහභාගි වීම සියදිවි නසාගැනීමට තැත් කිරීමක් ලෙසත් අර්ථ දැක්වුනා.""


මෙම පනත පැමිණීමත් සමඟ ඉන්දියාවෙන් කෙමෙන් කෙමෙන් මෙම චාරිත්‍රය අවම වී ගියා නමුත් ඉන්දියාව යනු විශාල රටක් මෙය තුළ තවමත් ප්‍රාථමික නොදියුණු  ඡනතාව ඡීවත්වන ප්‍රදේශයන් තිබෙනවා. මෙම චාරිත්‍රය අදටත් එම ප්‍රදේශ වල රහසේ පවතින බවට මතයන් පවතිනවා.
    කෙසේ නමුත් ඉන්දියාවේ අසල්වැසියන් වන අප රටට මෙම චාරිත්‍රය පැමිණියේ නෑ, එයට හේතුව එකළ සිටම බුදු දහම ව්‍යාප්තව පැවතීමයි. එසේම ලංකාවට වෙළදාමේ  පැමිණි බොහෝ පිරිස් ද  ඉස්ලාම් හා ක්‍රිස්තියානි ආගමිකයන් වූ බැවින් ඔවුගෙන්ද මෙරටට එවැනි චාරිත්‍ර පැමිණියේ නැහැ.

තොරතුරු අන්තර්ඡාලය හා සඟරා ඇසුරෙනි ..

Thursday, November 17, 2016

සොදුරු සේයා ...

 අද මම පළකරන්න කල්පනා කලේ රටේ ඡනප්‍රිය පුද්ගලයන් කිහිපදෙනක්ගෙ ඡායාරූප  කිහිපයක් ,මේ පුද්ගලයන් අපේ රටේ ප්‍රසිද්ධ , ඡනප්‍රිය චරිත. මොවුන් අතරින්  කිහිපදෙනක් අද වනවිට අප අතරින් සමුඅරගෙන සිටියත් ඔවුන්  සැමදාමත් මිනිසුන්ගෙ සිත් තුළ  සදා අමරණීයයි. මේ ඡායාරූප මගින් ඔබලාට මේ පුද්ගලයන්ගෙ තරුණ කාලයත්, සැදෑ සමයත් බලාගන්න පුළුවන් , (සැදෑ සමය කිවුවට සමහර කට්ටිය නම් මැදි වියේ)

1.ප්‍රසිද්ධ ගායන ශිල්පී  ආචාර්ය පණ්ඩිත් අමරදේව මහතා

2. ප්‍රසිද්ධ ගායන ශිල්පී  H.R. ඡෝතිපාල මහතා

3.හිටපු  ඡනාධිපති J.R. ඡයවර්ධන මහතා

4.ප්‍රවීණ  ගීත රචක මහගමසේකර  මහතා

5.මහා ගත්කරු මාටින් වික්‍රමසිංහ මහතා

6. හිටපු  අග්‍රාමාත්‍ය ගරු සිරිමාවෝ රත්වත්ත ඩයස් බණ්ඩාරනායක මැතිනිය.

7.ප්‍රසිද්ධ  රංඟන ශිල්පිනී මාලනී ෆොන්සේකා මහත්මිය

8.ප්‍රසිද්ධ  රංඟන  ශිල්පී එඩී ඡයමාන්න මහතා

9.ප්‍රසිද්ධ  රංඟන ශිල්පී ටෝනි රණසිංහ මහතා

10. ප්‍රසිද්ධ  රංඟන ශිල්පී ඡෝ අබේවික්‍රම මහතා

11.ප්‍රසිද්ධ නාට්‍ය හා රංගන ශිල්පිනී මර්සි එදිරිසිංහ මහත්මිය

12.ප්‍රසිද්ධ  රංගන ශිල්පිනී අයිරාංගනී සේරසිංහ මහත්මිය

13.ප්‍රසිද්ධ  රංඟන ශිල්පී ගාමිණී ෆොන්සේකා මහතා

14.  ප්‍රසිද්ධ කෝටිපති ව්‍යාපාරික උපාලි විඡේවර්ධන මහතා

15.හිටපු  අග්‍රාමාත්‍ය ඩඩ්ලි සේනානායක මහතා

16.හිටපු  අග්‍රාමාත්‍ය සර් ඡෝන් කොතලාවල මහතා

1.බෞද්ධ නායක ශ්‍රිමත් අනගාරික ධර්මපාලතුමා

18.ප්‍රසිද්ධ  රංඟන  ශිල්පිනී රුක්මණී දේවි මහත්මිය

19.ප්‍රසිද්ධ  ගායන ශිල්පී  ගුණදාස කපුගේ මහතා

20.ප්‍රසිද්ධ ගායන ශිල්පී  මිල්ටන් මල්ලවආරච්චි මහතා

21.ප්‍රසිද්ධ  ගායන ශිල්පී  මොහිදීන් බෙග් මහතා

22.හිටපු ඡනාධිපති R.ප්‍රේමදාස මහතා

       මෙම සියලුම ඡායාරූප අන්තර්ඡාලයෙන් සපයා ගන්නා ලදී...

Thursday, November 10, 2016

මහාභාරතය සහ රාමායනයේ පැතිකඩක්........

    රාමායනය සහ මහාභාරතය  කියන්නෙ අපි හැමෝම දන්න ඉන්දීය   ඉතිහාස පුරාවෘත්තාත්මක කතා දෙකක්. නොදන්න අයට කියනව නම්  , රාමායනයෙදි රාම විසින් තමන්ගෙ භාර්යාව වෙච්ච සීතව පැහැරගෙන ගිය ලංකාවෙ රාවණා   රඡතුමා පරාජය කරල ලබාගත්ත ඡයග්‍රහණය ගැන තමා කියවෙන්නෙ
. ඒ වගේම  මහාභාරතය ගැන කියනව නම් සහෝදරයන් පස් දෙනෙක් විසින් තමන්ගෙ රාඡ්‍ය අයිතිය හා බිරිඳට වන අපකීර්තියක් වෙනුවෙන් තමන්ගෙම පවුල්වල කට්ටියට විරුද්ධව කරගෙන යන සටනත් ,,අවසානයේ අධර්මය ලොවෙන් අතුගා දැමීමක් ගැන තමයි කියවෙන්නෙ.
මේ කතා දෙක පදනම් කරගෙන චිත්‍රපට ,රූපවාහිනී වැඩසටහන් රාශියක් අපේ රටේ ටීවී වලත් ගිය.
          මේ කතා දෙක සැලකිල්ලට ගත්තහම අපිට පේන දෙයක් තමයි මෙම කතා වල සිටින වීරයන්  මහා බලවත් අය බව, ඔවුන් හින්දු දෙවිවරුන්ට පවා අභියෝගයක් වෙලා තියෙනව. ඒ වගේම ඔවුන්ගෙන් බොහෝමයක් අයගෙ  මරණයන් වුනත් සිදුවෙලා තියෙන්නෙ වංචාකාරී විදිහටයි. මේ කතාවන් දෙකේ ප්‍රධානම සිද්ධි අපි මේ විදිහට බලමු.


1. රාමායනයෙ වලි නැමැති වානර රඡුව රාම විසින්  සැඟවිල  දුන්නෙන් විදල තමා මරා දැමුවෙ ( වලි අසහාය ශක්ති වන්තයෙක් , තමන්ගෙ සතුරගෙ ශක්තියෙන් හරි අඩක් සටනකදි තමාට ලැබෙන වරයක් ඔහුට හිමි වෙලා තිබුන )

2. ලක්ෂ්මන් විසින් ආයුධ නොමැති අවස්ථාවක ඉන්ද්‍රජිත් මරාදැම්ම, ( ඉන්ද්‍රජිත් සතුව විශ්වයේ බලවත්ම ආයුධ තුන පැවතුන )

3. සහෝදරයාගේ පාවාදීමකට ලක්වීම නිසයි රාවණා මියයන්නෙ. ( සහෝදරය විසින් රාම හට කියනව රාවණාගෙ නාභියට  විදිය යුතු බව. ඒ වගේම එකල යුධ නීතියට පිටුපාමින් පපු ප්‍රදේශයයට පහළ ප්‍රදේශයක් වන නාභියට රාම විසින් විදිනු ලබනව.)

5. අර්ඡුන් විසින් වංචනිකව භීෂ්මාචාර්ය මරා දැමීම. ( කාන්තාවක් පසුපස අර්ඡුන් සැඟවී සිටි අතර භීෂ්ම කාන්තාව ඉදිරියේ ආයුධ බිම දැමීමත් අර්ඡුන් එවිට පහර දීමත් සිදුවෙනව.)

6. වංචනිකව ගුරු ‍ෙද්‍රා්ණයන් මරා දැමීම. ( පුත්‍රයා මියගිය බවට අසත්‍ය පුවතක් දොා්ණයන්ට ඇසීමට සලස්වා ඔහු නිරායුද වූ පසු හිස ගසා දමනව )

7 . කර්ණන් මරා දැමීම. ( ආයුධ බිම දමා මඩේ එරුණු තම යුධරථය ගොඩගැනීමට උත්සාහ කරන අවස්ථාවක අර්ඡුන් විසින් පහරදීම )

8. අභිමන්යුගේ මරණය. ( බොහෝ දෙනෙක් එකතු වෙලා යුද නීතියට පටහැනිව වංචාකාරී විදිහට තමා මේ කුමාරයව මරන්නෙ)

මේ කරුණු බැලුවම අපිට පේන දේ තමයි, මේ වීරයො හැමෝම අසහාය ශක්තිවන්තයො නමුත් වංචනිකව මරා දමල ඇති බව.  මොවුන් වංචනිකව මරා නොදැමුනා නම් කවුරු කොපමණ බලවත්ද කියල හැමේා්ටම සැකයක් ඇතිවෙනව. ඒ ගැන තමා  අද මම ලියන්න තීරණය කලේ,

         වීරයන් වර්ගීකරණය

Rathi
සාමාන්‍ය  වීර සෙබලුන් 5000කට තනිව පහර දිය හැකි රණශූරයන් rati ලෙස හඳුන්වනවා. ( උදාහරණ - දුර්යෝදන් කුමරු හා සහෝදරයන් 99 දෙනා , අර්ඡුන් ,යුදිෂ්ථීර් , භීම්, නකුලන් ,සහදේව් , ශගුණි සහ තවත් අය..)

Atirathi
මෙයට ඇතුල් වන්නේ එකවර rati පන්තියේ රණශූරයන් 12 දෙනෙකුට හෝ සාමාන්‍ය වීර සෙබලුන් 60000 කට පහර දියහැකි රණශූරයනුයි.
(ශල්‍ය රඡු , ශිශුපාල්, ක්‍රිපාචාර්ය , භීම්ගේ පුත්‍ර ගටෝක්ෂ මෙයට ඇතුලත් )

Maharati
එකවර atirathi රණශූරයන් 12 දෙනෙකුට  හෝ සාමාන්‍ය වීර සෙබලුන් 720 000 කට පහරදිය හැකි රණශූරයන් මෙයට ඇතුලත් වෙනව. අවිආයුධ , සටන්ක්‍රම සියල්ල දන්නා අය මෙයට ඇතුලත් වෙනවා. ( රාම, ලක්ෂ්මණ , රාවණා , කුම්භකර්ණ ,හනුමාන් , භීෂ්ම , ද්‍රෝණ , කර්ණන්  , අර්ඡුන්[විශේෂ වරයන් ලබාගැනීමෙන්] , අභිමන්යු, අශ්වතාමා , දුර්යෝදන් [විශේෂ වරයන් හේතුවෙන් ] ,ක්‍රිෂ්ණ ,බල්රාම් මෙයට ඇතුලත් )

Atimaharati
 මෙය රණශූරයන්ගෙ ඉහළම මට්ටම් වලින් එකක්  සාමාන්‍ය දෙවිවරුන්ටත් වඩා ඉහල මට්ටමක් වන මෙහි සිටින රණශූරයන්ට එකවර maharati රණකාමින් දොළොස් දෙනෙකු සමඟ සටන් කරන්න පුළුවන් . මෙම මට්ටමේ රණකාමින් සිටියේ එකම එක් අයෙකු පමණයි , ඒ රාවණාගේ පුත් ඉන්ද්‍රජිත්  .. ඔහු සතුව විශ්වයේ බලවත්ම අවි තුන පැවතියා.. එමෙන්ම ඔහු දෙවියන්ගේ නායකයා වන ඉන්ද්‍ර දෙවියන්ව ද්වන්ද සටනකින් පරාජය කර තිබෙනවා.

Mahamaharati
 මෙය තමයි අවසාන මට්ටම. මෙයට ඇතුලත් අයට atimaharati රණකාමින් 12 දෙනෙකු සමඟ එකවර සටන් කළ හැකියි. හින්දු දේව මණ්ඩලයේ එන විශ්ණු , බ්‍රහ්ම  , ශිව මෙයට ඇතුලත් ..

#මේ කරුණු අනුව ප්‍රධාන හින්දු දෙවිවරු  තමා බලවත්ම රණකාමින්

 #මීට අමතරව රාම ,ක්‍රිෂ්ණ , රාවණ, භීෂ්මාචාර්ය  සහ කර්ණ maharati වීරයන් අතරත් ප්‍රධාන ස්ථානයේ සිටින බව කියන්න පුලුවන්.



Tuesday, November 8, 2016

ශාපලත් භාණ්ඩ 3 (බෝනික්කන් පිළිබඳ අවසන් ලිපිය )

ශාපලත් භාණ්ඩ 3 වෙනි කොටස අදින් බෝනික්කො ගැන කතා කරන එක සම්පූර්ණයෙන් ඉවර කරනව. නමුත් ශාපලත් භාණ්ඩ ලිපිපෙළ දිගින් දිගටම කරගෙන යන්න තමා මගෙ අදහස .  ඉතුරු බෝනික්කන් ගැන ඕගොල්ලන්ට එච්චර බරපතලව කියන්න සිද්ධි වෙලා නෑ. ඒත් කට්ටිය බෝනික්කො ගැන විස්තර බලාපොරොත්තු වෙන නිසා ඒ කට්ටිය ගැනත් කෙටියෙන් යමක් සඳහන් කරන්න මම තීරණය කලා. මේ බෝනික්කොත් ඡීවිත හානි සිද්ධ නොකලට අත්භූත සිද්ධි වාර්තා වෙලා තියෙන කට්ටියක් .

Okiku
මෙයා ඡපන් ඡාතික බෝනික්කෙක්.eikichi zuzuki කියන දාහත් හැවිරිදි පිරිමි ලමය විසින් ඡපානයේ ප්‍රසිද්ධ සෙල්ලම්බඩු සාප්පුවකින් මේ බෝනික්කව මිලදීගෙන තිබ්බෙ ඔහුගේ අවුරුදු දෙකක් වයසැති පුංචි සහෝදරියව තෑග්ගක් විදිහට .okiku නම් වූ මේ කුඩා දැරිය තම සහෝදරයා ගෙනල්ල දුන්න මේ බෝනික්කට අසීමිත විදිහට ආදරය කලා.ඇය හැමදාමත් මේ බෝනික්ක සමඟ සෙල්ලම් කලා.නමුත් බෝනික්ක ලැබිල ගොඩ කාලයක් යන්න කලින් ඒ පළාතට ආපු සීත කාලයත් එක්ක මේ කුඩා දැරිය සීතල ඉවසගන්න බැරුව මියගිය.ගෙදර කට්ටිය මේ කුඩා දැරිය සිහිවෙන්න මේ බෝනික්කව නිවසේ දෙවියන් යදින අල්තාරය මත තියල හැමදාම විශේෂ යාතිකාවක් සිදුකලා. මෙය ටික කාලයක් සිදුකරන විට අරුම පුදුම දෙයක් සිදුවෙන්න පටන් ගත්ත . ඒ තමයි මේ බෝනික්කගෙ කොන්ඩෙ වැවෙන්න පටන්ගත්ත එක. අදටත් මේ බෝනික්කගෙ හිසකෙස් කාලයත් සමඟ සාමාන්‍ය පුද්ගලයෙකුගෙ වගේ වැවෙන්නව..

Mandy
මේ බෝනික්කගෙ විශේෂත්වය තමයි රාත්‍රියට මහා ශබ්දයෙන් බෙරිහන් දීම. වගේම මේ බෝනික්ක වේගයෙන් ඡනෙල් ඇරීම සහ වැසීම සිදු කරනව.. ‍ෙබාහෝ කාලයක් මෙයාව බලාගත්ත පවුලෙ කට්ටියට මෙයා කරදරයක් වුන නිසා අවසානයෙදි මෙයාව  කෞතුකාගාරයකට බාරදුන්න. අදටත් මෙයා එහෙ තමයි ඡීවත් වෙන්නෙ. කෞතුකාගාරයකට ගියා කියලත් මෙයාගෙ වැඩවල වෙනසක් වෙලා නෑ. මෙයා කෞතුකාගාරයෙහි සේවකයන්ගෙ කෑම අතුරුදන් කීරීම් ,, අවට තියෙන බෝනික්කන්ට හිරහැර කිරීම් සිදුකරනව.

letta
1972 දි කෙරී වෝල්ටන් නැමැති ළමය අඳුර කෙරෙහි තමන්ගෙ ඇතිවන බය නැතිකරගැනීම සඳහා හොල්මන් වලට ප්‍රසිද්ධ පාලු ගොඩනැගිල්ලක් තුළට යනව. එහි ඇවිදගෙන යනකොට ,ඔහුට දකින්න ලැබෙනව පොළව යට උමං මාර්ගයක්,  මේ උමං මාර්ගයේ තරමක් දුර යනකොට තමයි ඔහුට පැරණි බෝනික්කව හම්බවෙන්නෙ. ඡිප්සි එනම් අහිකුණ්ඨිකයන් විසින් හදා ඇති බව පෙනුන මේ බෝනික්ක වෝල්ටන් විසින් තමන්ගෙ නිවසට අරගෙන එනව  ,, බොහෝ මිනිසුන් විශ්වාස කරන්නෙ වසර දෙසීයකට පෙර දියේ ගිලී මිය ගිය තම පුතා වෙනුවෙන් රුමේනියානු ඡාතික ඡිප්සි  කෙනෙක් මෙය සාදා ඇති බවයි . ඒ වගේම ඒ ඡිප්සි ලමයගෙ ආත්මය මේ බෝනික්ක සමඟ බැදිල ඇති බව තමයි විශ්වාස කරන්නෙ.
මේ බෝනික්කාගෙ ඡිප්සි සම්බන්ධය නිසා බෝනික්කට නම තියනව letta කියල. මේ බෝනික්කට තනියෙම ඇවිදීමේ හැකියාව තියෙනව. ඒ වගේම වචන කිහිපයකුත් කතාකරන්න පුළුවන් පුළුවන් කම තියෙනව. මෙය වාඩිකරලව තිබ්බම සිටින ඉරියව්ව තනියෙම වෙනස්කරගැනීමේ හැකියාවෙනුත්  යුක්තයි. මේ බෝනික්කට තියෙන අමුතුම බලය තමයි කොයි කාලගුණ තත්වයක මෙයාව එළියට ගත්තත් , වැසි ඇඳ වැටෙන්න පටන්ගන්නව .
 මේ බෝනික්ක කාමරයකට රැගෙන ගියොත් ඒ කාමරේ තියෙන සියලුම චායාරූප පැත්තට අැල වෙනව. ඒ වගේම මේ බොනික්කව සත්තුන්ට අසාමාන්‍ය විදිහට පෙන්නන්න බෑ. සතුන් දැකපු ගමන් බෝනික්කට කඩාපනිනව. ඒ වගේම මෙයා ගාවට යන අයට අසාමාන්‍ය බියක් හා ශෝකයක් එකවරම හිතට දැනෙන බව මිනිසුන් ප්‍රකාශ කරනව.

Voodoo zombie dol

    2004 අවුරුද්දෙ සිද්ධ වෙච්ච මේක නම් අරුමපුදුම සීන් එකක්, මේ බෝනික්කව හදල තියෙන්නෙ නිව් ඕලියන්ස් නම් zombie බෝනික්කන් හදන වෙළද සමාගමක් විසින්. ශාපලත් බෝනික්කන් හට ඇලුම් කරන ටෙක්සාස් ඡනපදයේ  කාන්තාවක් e bay හරහා මෙය මිලදී ගෙන තිබෙනවා. අවසානයෙදි   පාර්සලයක් ලෙසින් ඇගේ නිවසට පැමිණි මෙම බෝනික්කා සමඟ එහි නිෂ්පාදකයා විසින් දැඩි නීති රීති මාලාවක්ද ලබා දී තිබෙනවා..මේ බෝනික්කව ලබා දීල තියෙන්නෙ රිදී වලින් ආවරණය කරපු පෙට්ටියක දාල. මේ පෙට්ටියෙන් කිසිම විටෙකදි මේ බෝනික්කව එළියට ගන්න එපා කියල නිෂ්පාදකයා විශේෂයෙන්ම සඳහන් කරල තියෙනව. නමුත් මේ මෝඩ කාන්තාව ඒ උපදෙස් ගණන්නොගෙන බෝනික්කව පෙට්ටියෙන් ඉවතට අරගෙන කාමරයෙන්  තියාගෙන තියෙනව .ඒ සමඟම බෝනිකගෙ ගුප්ත බලය නිදහස් වීම ආරම්භ වෙලා,, හැමදාම් රාත්‍රියට සිහිනයෙන් බෝනික්ක ඇයව මරන්න උත්සාහ කරල. මැයට තත්වයේ බරපතල කම තේරුම් ගිය නිසා ඇය, වහාම බෝනික්කව නැවතත් e bay හරහා විකිණීමට දමනව. මෙය ගැනීමට ගැනුම්කරුවන් බොහෝමයක් ඉදිරිපත් වුනත් සිද්ධ වෙන්නෙ පුදුමාකාර දෙයක්.  ඇය විසින් නව ගැනුම්කරුවන් හට බෝනික්කාව පෙට්ටියකට දමා තැපැල් කලත් , නව ගැනුම්කරුවන්ට ලැබෙන්නෙ හිස් පෙට්ටියක් . බෝනික්කා පෙර ලෙසම එම කාන්තාවගේ නිවසේ දොරකඩ සිටින්නේ ඇය එය තැපැල් නොකල ලෙසටයි. කෙසේ නමුත් වසර ගානක් එය තබාගැනීමෙන් අනතුරුව ඇය විසින්  බූතයන් අල්ලන පුද්ගලයෙකු හට එම බෝනික්කව ලබා දෙනව.. අද වනවිට බෝනික්ක සිටින්නෙ ඔහු සමඟයි.
තවත් ලියන්න නම් ටිකක් තිබ්බ. ඒක පරිවර්තක විසින් කපා හරින ලදී. ඒ  කියන්නෙ මම කපල දැම්ම .......පමණට වඩා ඕන නෑනෙ .......

Friday, November 4, 2016

ශාපලත් භාණ්ඩ 2 රොබට් (යක්ෂ බෝනික්කා )

 ශාපලත් භාණ්ඩ දෙවනි කොටස තමා අද දාන්නෙ , මේව දාල මගෙත් එක්ක යක්කු කෝප වෙයිද මන්ද. කොහොම උනත් අද දෙවනි කොටසෙදි මම විස්තර කරන්න තෝරගත්තෙ රොබට් කියන සෙල්ලම් බෝනික්ක . මෙයා තමා ඇනබෙල් තරම්ම ඡනප්‍රිය නොවුනත් එදාමෙදා තුළ ඉතිහාසයේ ඉඳපු භයානකම ශාපලත් භාණ්ඩය තමා මෙයා. ඒ කියන්නෙ මෙයා ඇනබෙල්ටත් වඩා බලවත් වගේම භයානක කෙනෙක්..නමුත් මෙයාට මෙයාගෙ වැඩ පෙන්නන්න නම් එච්චර  ඉඩක් ලැබිල නෑ..
        1904 අවුරුද්දෙ  ඡීවත්වුන අවුරුදු හතරක් වයසැති ඉයුඡින් කියන පිරිමි ලමයට තමා මේ සෙල්ලම්බඩුව ලැබිල තියෙන්නෙ. මේ සෙල්ලම් බඩුව ලබාදීල තියෙන්නෙ ඒගොලන්ගෙ පවුලෙ සේවිකාවක් වුන බහමනි ඡාතික කාන්තාවක් . මැයට මේ බෝනික්ක කොහොම ලැබුනද කියල වාර්තා වෙලා නැතත් , දක්ෂ යක්දෙස්සියක් වුන මැය විසින්ම මෙය ඉයුඡින්ගේ පවුලෙන් පළිගැනීම උදෙසා හැදුව බව තමා විශ්වාස කරන්නෙ .
     අඩි දෙකක් පමණ උස මෙම බෝනික්ක සේලරු ඇදුමකින් තමයි සැරසිල ඉන්නෙ , ඒ කියන්නෙ නාවිකයෙක් වගේ. ඉයුඡින් මේ බෝනික්කට නම දානව රොබට් කියල.  මේ රොබට් කියන නම ඉයුඡින් ගෙ සම්පූර්ණ නමේ කොටසක් . ඉයුඡින් ගෙ සම්පූර්ණ නම තමයි  Robert Eugene Otto.
          ඉයුඡින්  ගෙ දෙමව්පියන්ට රාත්‍රි කාලයෙදි ඇහෙනව තමන්ගෙ පුතා බෝනික්ක සමඟ කතා බහ කරනව. මේක ඇහෙන්නෙ සංවාදයක් වගේ. දෙදෙනාගෙ කටහඩ වෙන වෙනම ඇහෙනව .. නමුත් ඉයුඡින් ගෙ දෙමව්පියන් හිතනව ඉයුඡින් කටහඬ වෙනස් කරමින් දෙදෙනෙක් වගේ රඟපානව කියල.නමුත් මේ ශබ්ද හොදින් අහගෙන හිටියහම මොවුන්ට තේරුම් ගිහින් තියෙනව මේ හඩවල් දෙක සම්පූර්ණයෙන්ම එකිනෙකට වෙනස් බව.
  මේ සිද්ධි දාමය තවදුරටත් වැඩි වෙන්නෙ රාත්‍රියට මේ බොනික්ක තනියෙම ඇවිදින්න පටන්ගැනීමත් එක්ක.. පවුලෙ හැමෝම බලා සිටියදී සාලයේ සිටි බෝනික්ක ඇවිදගෙන කාමරේට යනව.. ඒ වගේම අසල්වැසියන් කියනව ඔවුන් ඡනේලයෙන් මේ බෝනික්ක ඇවිදිනව දැක්ක කියලත්..මොනව කොහොම උනත් මේ ඉයුඡින් බෝනික්කට තියෙන ආදරේ අඩු කර ගත්තෙ නෑ.. මෙයා බෝනික්කට ලස්සන පුටුවකුත් හදනව.. එදා ඉඳල බෝනික්ක ඒකෙ වාඩි වෙලා තමයි ඉන්නෙ...
   කාලය ගතවෙලා ඉයුඡින් කොල්ල විවාහ වෙනව...ඒත් මෙයාගෙ  බොනික්කට තියෙන ආදරේ නම් අඩු වෙන්නෑ. නමුත් බිරිඳ නිසා බෝනික්කව වෙන කාමරයකට දාන්නත් එයාට සිද්ධ වුනා.ඒ තමයි ගෙදර අට්ටාලය.ඉයුඡින් කුඩා කාමරයක් ලෙස මෙය අලංකාර කරල බෝනික්කව එහි තැම්පත් කරනව. කාලය තවදුරටත් ගලා යනව. ඉයුඡින්ගෙ ළමයි දකිනව, ගෙදර කාමරේකින් කවුරුහරි එබෙනව. පස්සෙ ඔවුන් හොදින් විමසිල්ලෙන් බලන්න පටන්ගන්නව ... , පසුව ඔවුන් දකිනව උදේ හවස  ඡනේලෙන් එබිකම් කරන්නෙ රොබට් කියල.නමුත් මොවුන් රොබට්ව එලියට ගන්නෙ නෑ.. රාත්‍රි කාලයට රොබට්ගෙ සිනහහඬ ඇසුනත්,රොබට්ගෙන් කිසිම කරදරයක් නම් කාටවත් වෙන්නෙ නෑ.. 1970 ඉයුඡින් මිය යනකම් රොබට් මේ නිවසටම වෙලා හිටිය.කාලය ගතවුන ,හැමෝටම මේ රොබට්ව අමතක වුනා.. මේ නිවසට අලුතින් පවුලක් පදිංචියට ආව.. මේ කට්ටිය මේ සිදුවීම් ගැන දැනගෙන හිටියෙ නෑ. මේ ගොලන්ගෙ පුංචි දියණිය අට්ටාලයෙ තිබිල මේ බෝනික්කව ආයෙ හොයාගන්නව .එයා එයාගෙ අලුත් සෙල්ලම්බඩුව කාමරෙන් තියාගන්නෙ, උදේට සෙල්ලම් කරන්න හිතාගෙන. නමුත් රාත්‍රියේ  මේ බෝනික්ක තනියෙම ඇවිදිනව දැකල ඈ යටිගිරියෙන් බෙරිහන් දෙන්න පටන්ගන්නව . ඒ වගේම ඇය උදෑසන දෙමව්පියන්ට පවසනව මේ බෝනික්ක ඇවිදගෙන ඇවිත් තමන්ව මරන්න උත්සාහ කලා කියල.අවසානයේ ඔවුන් මේ ගැන හොයන්න පටන් ගන්නව, ඒක අවසන් වෙන්නෙ බෝනික්කගෙ පසුගිය  තොරතුරු ඔවුන් දැනගෙන.
                අවසානයෙදි 1994 දි ඊස්ට් මාටෙලෝ කෞතුකාගාරයට රොබට්ව රැගෙන යනව. 2016 අවුරුද්දෙ විශේෂ දේශනයක් සඳහා රැගෙන යන තුරුම රොබට්ගෙ නිවහන උනේ මේ කෞතුකාගාරයයි, මේ කෞතුකාගාරය තුළ රඳවා තියෙන රොබට් ගාව බිත්තියෙ විශාල ලිපි සංඛ්‍යාවක් තියෙනව. ඒ සමාව ඉල්ලීම්. මේකටත් විශේෂ හේතුවක් තියෙනව.  ඒ සිද්ධිය මෙහෙමයි .......රොබට්ගෙ චායාරූප ගන්න එයාගෙ අවසරය ඕන කරනව, ඒ කියන්නෙ, මේ කෞතුකාගාරයට යන පුද්ගලයන් රොබට් ඉදිරියට ගිහින් චායාරූප ගන්න අවසර ඉල්ලලන්න ඕන.  රොබට්ගෙ කිසිම වෙනසක් නැත්තම් ඒ කියන්නෙ එයා කැමතියි කියන එක. එයා හිස දෙපසට වැනුවොත් එයින් කියවෙන්නෙ රොබට් අකමැතියි කියන එක.
          නමුත් සමහර පුද්ගලයන් රොබට්ගෙ අකමැත්ත ගණනකට  ්නොගෙන චායාරූප ගැනීම සිදු කරනව. ඒ කට්ටිය තමන්ගෙ නි‍ෙවස් වෙත ගියාට පස්සෙ තමා අවබෝධ වෙන්නෙ තමන් රොබට්ගෙ ශාපයට ලක්වෙච්ච බව.  මේ ශාපය තමයි අසීමිත අවාසනාව.තමන් නොහිතන කරදර වලට ලක්වෙන්න පටන් ගත්තම ඔවුන්ට වැටහෙනව තමන් කරගත්ත වැරැද්ද. ඔවුන් පුළුවන් තරම් ඉක්මනින් සමාව ඉල්ලන ලියුම් අරගෙන ගිහින් රොබට් ආසන්නයේ බිත්තියෙ සවිකරල සමාව ඉල්ලනව.නමුත් ඇත්තටම සමාවක් ලැබුනද කියලනම් මට හරියටම කියන්න බෑ..  මේව දාල මටත් සමාව ගන්න උනොත් මට ගුවන් ටිකට් එක හරි අරන්දියල්ල.ගිහින් සමාව ගන්න. (පරිවර්තන වැඩනම් මට හරියට බෑ ,තොරතුරු අන්තර්ඡාලය ඇසුරෙනි )

හොල්මන

තාත්තේ ඇඳ යට හොල්මනක් ඉන්නවා.. දරුවා කෑ ගැසීය.. කෑ ගැසීම ඇසුණු පියා එතනට පැමිණ ඇඳ යටට එබී බැලීය. එහිදී ඔහු දුටුවේ ඇඳ යට ගුලිවී සිටින දරුවාය...