Thursday, March 9, 2017

~ අමරණීය සැබෑ ආදරය ~


 
ආදරය කියන දේ ඇත්තටම හරිම පුදුමාකාර දෙයක් , තමන්ට මුලු ලෝකයම එරෙහි උනත් කිසිම ගානක් නැතුව ආදරය කරන්න සැබෑ ආදරවන්තයන්ට පුලුවන් . හැබැයි ලෝකෙ තියෙන හැම ආදර කතාවක්ම ඉවරවෙන්නෙ සතුටුදායක විදියට නෙවෙයි , අතරින් පතර ශෝකදායක කතාත් දකින්න ලැබෙනව.

 මම අද ලියන්න තීරණය කලේ අතීතයේ අහන්න ලැබුණු හොඳම ආදර කතා කීපයක් ගැන. මේ ආදර කතා අතර මිත්‍යා , ප්‍රබන්ධ , සත්‍ය සිදුවීම් එහෙමත් තියෙනව. ඕගොල්ලො දන්න කතා වගේම නොදන්න කතාත් මේ අතර ඇති ,කියවලම බලන්නකො ලෝකෙ හොඳම ආදර කතා ටික කොහොමද කියල..

    1. Paris and Helen

( පැරිස් සහ හෙලන්ගේ ආදර කතාව )

       ග්‍රීක මිත්‍යා කතාවක් කියල සැලකෙන මේ කතාව තවමත් මිත්‍යාවක්ද සත්‍යක්ද කියල පිළිගන්න බැරුව දෙකට දෙව⁣ාරෙ තියෙන කතාවක් මේ කතාව පටන්ගන්නෙ මෙහෙ⁣මයි.
    අතීතයෙදි දෙව්ලොවේ ලස්සනම දේවතාවිය කවුද කියල තොරගන්න තරඟයක් තිබුණ. මේ තරඟයට සහභාගි ිවුනෙ ඇතීනා , හේරා සහ ඇප්රොඩයිට් කියන දෙවඟනන් තුන්දෙනයි. මේ තුන්දෙනා මේ ගැන තීරණය කරන්න පැරිස් නැමැති ග්‍රීක කුමාරයට භාරදුන්න..  ""මෙය ලස්සනම තැනැත්තිය වෙතටයි "" කියල ලියා තිබුණු රන් ඇපල් ගෙඩිය ලස්සනම දේවතාවියට ලබාදෙන එක තමයි මොහුගේ වගකීම වුනෙ.
   කොහොම නමුත් තෝරා ගැනීම කරන්න තියෙන දවසට කලින් දවසෙ ඇප්රොඩයිට් කියන දෙවඟන ඇවිල්ල පැරිස් කුමාරයට කිවුව ඔබ මාව තෝරගත්තොත් මිහිපිට සිටින ලස්සනම කාන්තාව ඔබට විවාහ කරල දෙනව කියල.
     කවුද ඉතින් ඒකට අකමැති, කුමාරයත් සද්ද නැතුව ඉඳල ඊළග දවසෙ ඇප්රොඩයිට් දෙවඟන අතට අර රන් ඇපල්ගෙඩිය දුන්න. ඔහු ඔහුගෙ පොරොන්දුව ඉෂ්ට කරපු නිසා දෙවඟනටත් ඇගේ පොරොන්දුව ඉෂ්ට කරන්න සිද්ධවුනා.
 ඇය වහාම සොයල බැලුව ලෝකෙ ලස්සනම කාන්තාව කවුද කියල.  ඒ තමයි ස්පාටා වල රඡතුමා වුණු මෙලනියුස්ගෙ බිරිඳ වෙච්ච හෙලේනා. පොරොන්දුව අනුව දේවතාවිය විසින් හෙලේනාව පැහැරගෙන ගිහිල්ල පැරිස් කුමාරයට භාරදුන්න .
   ඇය හිතුවෙ වැඩේ එතනින් ඉවරවෙයි කියල.. නමුත් ස්පාටන් කුමාරය වැඩේ අතහැරියෙ නෑ,,  ඔහු තමන්ගෙ විශිෂ්ටතම සොල්දාදුවන්ව අරගෙන ගිහිල්ල ට්‍රෝයි පුරය එක්ක යුධ ප්‍රකාශකලා. එතෙක් අපරාඡිත රාඡධානියක් වෙලා තිබ්බ ට්‍රෝයි පුරය ⁣ෙට්‍රා්ඡන් අශ්වය යොදාගෙන පරාඡය කරල තමන්ගෙ බිරිඳවත් අරගෙන තමයි ආපහු ආවෙ..පැරිස් කුමාරය නම් මැරිච්ච බව තමා රහස් ආරංන්චි මාර්ග වලින් දැනගන්න ලැබුන

     2. Orpheus and Eurydice

   මේ කතාවත් ලස්සන ග්‍රීක මිත්‍යා කතාවක්, මේකෙ තියෙන නම් සිංහලෙන් දාන්න ගියොත් පොඩ්ඩක් විතර අවුල් යන නිසා මම ඉංග්‍රීසි නම් ඒ විදිහටම යොදාගත්ත.
        Orpheus කියන්නෙ ග්‍රීක මිත්‍යා කතා වල එන වීරයෙක් , මෙයාගෙ විශිෂ්ට සංගීත හැකියාවෙන් මෙයාට පුලුවන් වුනා ⁣මුලු දෙව්ලොවත්  ,  සතුන් සහ ගස් ගල් පවා වශී කරගන්න. කොහොම වුනත් මෙයාගෙ මුලු ඡීවිතයම උනේ මෙයාගෙ බිරිඳ වෙච්ච eurydice . දවසක් eurydice නයෙක් දෂ්ට කරල මියයනව. අධික ශෝකයට පත්වෙන orpheus තීරණය කරනව පාතාල ලෝකයට ගිහින් තමන්ගෙ බිරිඳව ආපහු අරගෙන එන්න. ඔහු පාතාල ලෝකයට ගිහින් සංගීතය වාදනය කරල පාතාල ලෝකෙ දෙවිවරුන්ව වසඟ කර ගන්නව. දෙවිවරු මොහුට වරයක් ලබා දෙනව බිරිඳව ආපහු මනුෂ්‍ය ලෝකයට අරගෙන යන්න , ඒක වෙන්නෙ මෙහෙමයි orpheus පසුපස නොබලා පාතාල ලෝකයේ දොරටුවෙන් පිටවෙන්න ඕන, බිරිඳ ඔහු පසුපසින් ඇවිත් දොරටුවෙන් පිටවෙනව.. නමුත් දොරටුවෙන් පිට වෙන්න කලින් orpheus පිටුපස හැරිල බැලුවොත් බිරිඳව සදාකාලයටම අහිමි වෙනව.
 අපේ වීරය ලබාදීපු වරයෙ හැටියට ඇවිදගෙන ඇවිල්ල පාතාල ලෝකෙ දොරටුව වෙත ලඟාවෙනව. නමුත් දොරටුවෙන් පිට වෙන්න කලින් ඔහුට සැකයක් ඇතිවෙනව බිරිඳ ඇත්තටම පිටුපසින් එනවද කියල. ඔහු දොරටුව අසලට වෙලා පිටිස්ස හැරිල බලනව.. ඔහුට පේනව ඔහුගේ පසුපසින් ආපු බිරිඳ අන්ධකාරයෙ දියවෙලා යන හැටි.

  3.Cleopatra and Mark Antony

( ක්ලියෝපැට්රා සහ මාක් අැන්තනි )

    මේකනම් සත්‍ය ආදර කතාවක්, ක්ලියෝපැට්රා සහ මාක් ඇන්තනි අතර ඇතිවෙච්ච ආදර අන්දරයේ අවසානය නම් ගොඩක් ගොඩක් ශෝකදායකයි.
     සීසර්ගෙ මරණයෙන් පස්සෙ ක්ලියෝපැට්රාගෙ ආදරවන්තය වුනේ මාක් ඇන්තනී ,මෙයා  රෝමයේ ඡෙනරාල් කෙනෙක්, මේකනම් සීසර් එක්ක වගේ එකක් නෙවෙයි සිරා ලවක්, නමුත් එක දිනයක මාක් ඇන්තනී රෝමය සමඟ යුද්ධ කරන්න ගිහිල්ල පරදිනව. මේ පරාඡය ගැන දැනගන්න ක්ලියෝපැට්රා දේශපානික ප්‍රයෝගයක් විදිහට තමන් මේ පරාඡය ගැන දුකින් මියගියා කියල රෝමයට දැනගන්න පණිවිඩ යවනව. නමුත් අවාසනාවට මාක් ඇන්තනීටත් මේ ආරංචිය දැනගන්න ලැබෙනව. ( සුදූ ඔයා හොඳින්ද අහන්න ඒ කාලෙ ටෙලිෆෝන් තිබුනෙ නෑනෙ. ) පරාඡයත්, පෙම්වතිය මියයාමත් නිසා අධික ශෝකයට පත්වෙන මාක් ඇන්තනි තමන්ගෙ කිණිස්සෙන් හදවතට ඇණගෙන සියදිවි නසාගන්නව.
 තමන්ගෙ ප්‍රයෝගය වැරදි විදියට තේරුම් අරගෙන  ආදරවන්තය මියගිය බව දැනගත්ත ක්ලියෝපැට්රාත් විසකුරු නාගයෙක් ලවා දෂ්ටකරගෙන සියදිවි නසාගන්නව.

   4.Bonnie Parker and Clyde Barrow  ( බොනී සහ ක්ලයිඩ්)

    බොනී සහ ක්ලයිඩ් කියන්නෙ මුලු මහත් ඇමරිකාවම කලඹවපු  ආදරණීය මංකොල්ලකාර ඡෝඩුවක්.පොලිස් නිලධාරීන් නව දෙනෙක්ගේ සහ සිවිල් වැසියන් කිහිපදෙනෙකුගේ මරණ වලට වගකිවයුතු මේ ඡෝඩුව මුලින්ම මුණගැහිල තියෙන්නෙ 1930 දියි.
         ඒ වනවිටත් ක්ලයිඩ්ට විරුද්ධව අපරාධ සම්බන්ධයෙන් වරෙන්තු නිකුත් වෙලා තිබුනත් බොනී ඒ කිසිවක් ගනන් නොගෙන ඔහු හා ආද⁣රයෙන් බැඳෙනව. ඒ වගේම ඔහුව යහමගට ගන්නව වෙනුවට ඇය තීරණය කරන්නෙ ඔහු සමඟ අපරාධ වලට හවුල්වීමටයි. 1934 දි හදිසි වැටලීමක් මගින් පොලීසිය මොවුන් දෙදෙනා වෙඩි තබා මරාදමන තුරුම ඔවුන් දෙදෙනා ඉතාමත් ආදර⁣ෙයන් සිටි බව තමයි දැනගන්න ලැබුනෙ.
   මෙම ආදරණීය යුවලගේ දේහයන් එකට තැන්පත් කිරීමට ලුසියානා පොලීසිය කටයුතු කරන්න හැදුවත් බොනීගෙ පවුලේ විරෝධතාවය නිසා දේහයන් වෙන වෙනම තැන්පත් කරනව.

    5. Napoleon and Josephine

( නැපෝලියන් සහ ඡොසපින්)

           ප්‍රංශ විප්ලවයෙන් සැමියා මරණයට පත්වුන දරුවන් දෙදෙනෙකුගේ මවක වුන ඡොසපින් ගැන නැපෝලියන්ගෙ හිතේ ආදරයක් ඇතිවුනා,, කට්ටිය දන්නවන නැපෝලියන් කියන්නෙ කවුද කියල...
     තමන්ගෙ සිත් ගත් ඇයට නැපෝලියන් අසීමිතව ආදරය කලා.ඔහු විසින් අැයව විවාහ කරගෙන දින ⁣ෙදකකට පසුව වැදගත් යුධ මෙහෙයුමකට නැපෝලියන්ට ඉතාලිය බලා යන්න සිද්ධවුනා , ඔහු ඉතාලියේ සිට විටින් විට ඇයට ආදර හසුන්  යැවුවා, දිනක් ඇයට ඉතාලිය බලා එන ලෙස නැපොලියන් ආරාධනා කලා, නමුත් ඇය ඉතාලිය වෙත ඒම ප්‍රතික්ෂේප කලා, මේ ගැන සැකහිතපු නැපෝලියන් වහාම ප්‍රංශය බලා ආව. එහිදී නැපොලියන්ට රහස් ආරංචි මාර්ග වලින් දැනගන්න ලැබෙනව  Hippolyte Charles නැමැති නිලධාරියා සමඟ ඇය සබඳතාවයක් පටන්අරගෙන කියල. නැපෝලියන් ආවට පස්සෙ ඇය මේ සබඳතාව නැවැත්තුවත් ඇයට ආපහු නැපෝලියන්ගෙ ආදරේ නම් දිනාගන්න වෙන්නෑ. ඒ අතරෙදිම නැපෝලියන් ඡොසපින්ව දික්කසාද කරල මාරි ලොයිස් නැමැති කාන්තාව විවාහ කරගන්නව.
     මේ මොනව උනත් නැපෝලියන් දික්කසාදයෙන් පස්සෙ ඡොසපින් ගැන කිවුවෙ මෙහෙමයි.  “France, the Army, the Head of the
Army, Josephine.”
     ඒ වගේම ⁣දික්කසාදය සිද්ධවුනත් තම මරණය දක්වාම නැපෝලියන්ව අමතක කරන්න ඡොසපින්ටත් නොහැකි  වුනා, ඇය ඩිප්තීරියා⁣ රෝගයෙන් මියයන විට පවසපු අවසන් වචනය තමයි ""නැපෝලියන් ""

#  තොරතුරු අන්තර්ඡාලය ඇසුරිනි ...

   මේ කතා ඔක්කාම මම කෙටියෙන් කිවුවට මේව සරල පොඩි කතා නෙවෙයි, පුලුවන් වෙලාවක නෙට් එකෙන් හොයල බලන්න , ඔය එක කතාවක් දවස්ගානක් කියවන්න තරම් විස්තර තියෙනව.... පැරිස් සහ හෙලේනා ගැන පුස්තකාල , පොත්හල් වල ඉලියඩ් කියල ලොකු පොතක් තියෙනව කියවලම  බලන්නකො...ඒක මමත් ආසාවෙන් කියවපු පොතක්..

ආ.........
කෝ දැන් එතකොට රෝමියෝ ඡුලියට් ?
ඡැක් රෝස් ??
ඒ කට්ටියයි තව කට්ටිය ගැනයි මම ඉස්සරහට තව පෝස්ට් එකකින් දාන්නම්කො..මේ පෝස්ට් එක දැනටමත් ලොකු වැඩියි....

හොල්මන

තාත්තේ ඇඳ යට හොල්මනක් ඉන්නවා.. දරුවා කෑ ගැසීය.. කෑ ගැසීම ඇසුණු පියා එතනට පැමිණ ඇඳ යටට එබී බැලීය. එහිදී ඔහු දුටුවේ ඇඳ යට ගුලිවී සිටින දරුවාය...