එකමත් එක කතා තුනක්


 පියල් බත් එක කන්න පුතා, අද ක්ලාස් එකට යන්න පරක්කු වෙනව නේද?

හරි අම්මේ මම තව චුට්ටෙන් එන්නං , මම මේ යාලුවෙක් එක්ක කෝල් එකක්.

කොයි වෙලාවෙ බැලුවත් කෝල් කෝල් , ඇත්තටම ඉගෙනගන්න කියල අාසාවක් ඇත්තෙම නැද්ද ළමයෝ .

-------------------------------------------------------------------
   
       ප්‍රියන්ති , තමුසෙට පිස්සුද ඕයි අහක යන බල්ලන්ට අපේ ගෙට අඩගහන්න.
ආයි ඔය අබ්බගාත හිඟන්න,අරක මේක නෑ කියාගෙන අපේ ගෙදට්ට පස් පාගන්න ආවොත් මම ඕකට පයින් පාරක් ගහල පන්නන්නෙ.
     නෑ සිරී ඒ මනුස්සය නැති බැරි කමට ආවම මට එළවන්න හිතුනෙ නෑ
  අනේ,තමුසෙගෙ අනුකම්පාව  , ආයි මම නොකිව්වයි කියන්න එපා, උදේ පාන්දර  මගෙ යකා නගිනව.

--------------------------------------------------------------------
       
අප්පචි මොකද දුකෙන්,

නෑ දෝණි එහෙම ප්‍රශ්නයක් නෑ.
අප්පචි  මට මගෙ අම්මව මතක්වෙනව, එයා හිටියනම් අපිට මෙහෙම වෙන්නෑනෙ...
    අම්ම නෑ කියල මම උබට අඩුපාඩුවක් වෙන්න ඉඩ තියන්නෑ මගෙ දුවේ උබ දුක් වෙන්න එපා.
 මයෙ දෝණි දැන් ඉස්කෝලෙ යන්න ලෑස්ති වෙන්න  , මම  අද ඉඳන් අලුත් රස්සාවක් පටන්ගන්නව.කකුළ නෑ කියල හැමදාම මිනිස්සුන්ට අතපාන්නත්  බෑනෙ..

----------------------------------------------------------------

       මචං අද a/l ඇඩ්මිෂන් ඇවිල්ලලු , පන්තිය ඉවරවෙල කෙලින්ම ඉස්කෝලෙට ගිහින් අරගමු
  ඔවු බන් ඉස්කෝලෙ ඇරෙන වෙලාවට ගියානම් ගන්න තිබ්බ , ඉස්කෝලෙ ඇරිල ටික වෙලාවක් යනකම් මැඩම් පන්තියෙ ඉන්නවනෙ.

------------------------------------------------------------

      ප්‍රියන්ති ඔයා ගිහින් ලමයව ඉස්කෝලෙන් අරගන්න, මට අද ඔපිස් ⁣එකේ වැඩ ගොඩ ගැහිල...,,
 ඔයාට ඉතින් කවදද වැඩ නැත්තෙ , මම තමයි ඔක්කොම කරන්න ඕන. ආ.. පෝන් එක කට් කලාද, එනවකො අද ගෙදර..මෙයා ඔපිස් එකට වෙල සැප ගන්නයි , මම මෙතන නැහෙන්නයි. මොන කරුමයක්ද මන්ද..

-----------------------------------------------------------------

 අඹ,  අඹ , ලාභයි ගන්න අලුත් අඹ.., ලුණු දාල , මිරිස් දාල රස කරල තියෙන්නෙ , ලාභායි

අංකල් අඹ බෑග් එකක් කීයද ?

තිහයි ලමයො.

අම්මි එනකන් මං ගාව සල්ලි නෑ මට අඹ ටිකක් දෙනවද?

සල්ලි නැතුවනම් දෙන්න බෑ දරුවො , මම අද තමා බිස්නස් එක පටන්ගත්තෙ, හවසට අඹ වල ගණන් බේරන්න ඕන.

-------------------------------------------------------------
අප්පචී ...
අප්පචි අඹ විකුණන්න පටන්ගත්තද?

ඔවු මගෙ දෝණියෝ එක එකාට අත පානවට වැඩිය ඒක හොඳ වැඩක් කියල මට හිතුන...

මගෙ හොඳ තාත්ත , මම තාත්තට ගොඩක් ආදරෙයි .

අද රුපියල් දෙතුන් සීයක ලාබයක් තියෙනව , යන ගමන් මස් කෑල්ලකුයි පාන් බාගෙකුයි අරන් යන් , ගොඩ කාලෙකින් දෝණිය රස කෑමක් කෑවෙත් නෑනෙ....

------------------------------------------------------------------

අයියේ , අයියේ , මට රුපියල් තිහක් දෙන්නකො....
ආ.. මේ සිරිසේන මහත්තයගෙ පොඩ්ඩ නේද?
ඇයි මල්ලි හදිස්සියක් ද , ආ මල්ලි සල්ලි
ටැනක්යූ අයියෙ , මම අම්මි ආව ගමන් දෙන්නං
අයිය අද මොකද ඉස්කෝලෙ පැත්තෙ ,
මම මේ විභාගෙට ඇඩ්මිෂන් එක ගන්න ආව මල්ලි .

-----------------------------------------------------------------

 ෂේන් මොනවද පුතා ඔයා මේ කන ඡහඡරාව , කොහෙන්ද ඔයාට මේව ගන්න සල්ලි
ඊය ,,  මොන ඡහ ඡරාවක්ද මන්ද...
  අම්මි මම පාරෙ අඹ විකුණන කෙනෙක්ගෙන් ගත්තෙ , ඉස්සර ගෙදර පියල් අයිය සල්ලි දුන්නෙ..
පියල් කොහෙද මෙහෙ, එයා දැන් ගෙදර නේද ඉන්නෙ ..,
ඒවෑන් වැඩක් නෑ , යමුකො ගෙදර , පාර අයින්වල තියෙන ඡහඡරාව කනවට තාත්තිට කියල හොඳ පාඩමක් උගන්නන්න .
දැම්මම ඕක වීසි කරල දානව. මම යන ගමන් ඔයාට රසම රස ඇපල් ගෙඩියක් අරන් දෙන්නං.

---------------------------------------------------------------------

පියල් ඔයා පහුගිය කාලෙම ඉස්කෝලෙ එන්නෙ නැතුව දැන් ඇඩ්මිෂන් ගන්න ආවම හරිද, තමුසෙල පන්ති පන්ති කිය කිය හතරවටේ ඇවිදිනව, අන්තිමට විභාගෙ පේල් උනොත් වගකියන්න ඕන ඉස්කෝලෙ, මට දැන් ඇඩ්මිෂන් එක දෙන්න බෑ, දෙමව්පියො එක්ක හෙට උදේට ඉස්කෝලෙට එනව.

හොඳයි මැඩම් මම හෙට එක්කගෙන එන්නම්...

~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~

   දුමියගෙයි රොමාගෙ පෝස්ට් එක බලල තමයි මම මේක  ලිවුවෙ , මට මේ කතාවෙන් සමාඡ විෂමතාවය වගේම සමාඡ මට්ටම අනුව පුද්ගල හැසිරීම් රටාවත් , ඒ වගේම ටියුෂන් අධ්‍යාපනය නිසා ළමුන් පාසල් අධ්‍යාපනයෙන් ඈත් වෙන බවත් තමයි පෙන්නන්න ඕන කලෙ. ඔන්න මගෙ මැල්ලුම් කතාව.

මම මගෙ කබල් පෝන් කට්ටෙන් සිංදුවක් අප්ලෝඩ් කරන්න කොච්චර ට්‍රයි කලත් වැඩේ හරිගිය නෑ මක් කොරන්නද වැඩේ අතහැරල දැම්ම .

හිස් ටින් එකක් වාගේ අපේ මේ ඡීවිතේ මල්ලි , කිසි වාසියක් නෑ හාමතේ නැත්නම් අතේ සල්ලී ///

Comments

  1. තරිඳු.
    මුලින්ම ලොකු අත්පුඩියක් දෙනවා මේ කෙටි වෙලාවට මේ වගේ කතාවක් ලිව්වට. සින්දුව නැතත් මේ කතාවේ තියෙන පණිවිඩය වටිනවා මල්ලි. හොඳ උත්සාහයක්.

    ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. ස්තුතියි දුමී ඔයයි රොමයි නිසා තමයි මට ලියන්න අදහසක් පහළ උනෙත්

      Delete
    2. සතුටුයි, සතුටුයි.
      ඇත්තටම රෝමා හින්දමයි, ලියලා තිබ්බ මගේ කතාවත් පෝස්ට් එකක් වෙලා බ්ලොග් එකට ආවේ.

      ජ්යවේවා!!!

      Delete
  2. මචන් කතාවටත් වැඩිය මගේ හිත ගත්තේ පසු සටහනෙන් උඹ කියලා තියෙන පණිවිඩයට. කතා ලියන්න හුගක් අයට පුළුවන් ඒත් ඒ ඒ මිනිස්සුන්ගේ ජීවිත හදාරන්නත් ඒ ඔස්සෙ ලියන්නත් හුගක් අයට බෑ. ඒ වගේම කෙටි වෙලාවකින් ලියපු එකත් වටිනව....

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තුතියි රොමා, ඔයාල නිසා තමා මට ලියන්න හිතුනෙත්

      Delete
  3. Replies
    1. මේ පැත්තට ගොඩවුනාට ස්තුතියි ලිඛිතා

      Delete
  4. හයියෝ තරිඳු.. මට කතාව කියවලා නෙවේ දුක හිතුනේ අන්තිම ටික කියවලා සිංදුව අප්ලෝඩ් කරගන්න බැරි උන එක ගැන අහලා.. හිස් ටින් එකක් වාගේ තමා අපේ ජිවීතේ...

    ReplyDelete
  5. අන්නේකයි අරූ ඇත්තම කතාව

    ReplyDelete
  6. ඔය මැල්ලුම හදල තියෙන්නෙ නියමෙට.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ප්‍රසන් මෙහෙට ආවට

      Delete
  7. මම අදමද මන්දා මෙහෙ ආවේ... දිගටම එන්නම්කෝ

    ReplyDelete
    Replies
    1. අද තමා, සාදරයෙන් පිළිගන්නව සඳවතී

      Delete
  8. දිනපු කතාව බලන්න ආවේ. කෙටියි. අපුරුයි.

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

ශාපලත් භාණ්ඩ 1 (ඇනබෙල් )

ශාපලත් භාණ්ඩ 3 (බෝනික්කන් පිළිබඳ අවසන් ලිපිය )

මමියේ ශාපය